Kolačići su neophodni za funkcionalnost internetske stranice i omogućavaju vam da ostanete prijavljeni. Pomoću kolačića prikupljamo i statističke podatke. Oni nam pomažu da saznamo kako koristite Bookmate kako bi mogli poboljšati internetsku stranicu i preporuke za knjige.
Za više informacija, pročitajte našu Politiku kolačića.
Prihvati sve kolačiće
Postavke kolačića
මළවුන්ගේ මධ්‍යස්ථානය, Owen Jones
Books
Owen Jones

මළවුන්ගේ මධ්‍යස්ථානය

බැග්ඩෑඩ් හි අලංකාර දෙපාර්තමේන්තු ගබඩාවක දරුණු බෝම්බයක් පුපුරා ගොස් අහිංසක සාප්පුසවාරි පැමිණි පුද්ගලයින් සහ සේවකයින් දුසිම් ගණනක් ජීවිතක්ෂයට පත් විය. කෙටි කලක් තුළදී, ආගමකට හෝ දේශපාලනයට සම්බන්ධයක් නැති බවක් පෙනෙන්නට තිබූ නව භීෂණ සමයක් ලෙස, ලොව පුරා පොලිස් බලකායන් හතක්ම අපහසුතාවයකට ඇද දැමූ, අනුකම්පා විරහිත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදු විය. චීන රජයේ පරිගණක ප්‍රවීණයන් සහ බ්‍රිතාන්‍ය SAS උදව් සඳහා කැඳවනු ලැබේ, නමුත් මහජනතාව නොසන්සුන් වීමට පෙර අහඹු ලෙස බෝම්බ පිපිරවීම් වලට හේතුව ඔවුන් විසින් පැහැදිලිව අනාවරණය කර ගනීද?
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බැග්ඩෑඩ් හි වෙළඳ පොලක් වන ෂෙහෙරාසාඩේ හි සිය ඇඳුම් කට්ටලය පුපුරුවා ගත්විට ඉරාක බලධාරීන්ගේ පළමු ප්‍රතික්‍රියාව නම් එය සාමාන්‍ය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැලකීම සහ ඉරාකයේ ජාතික පොලිසියේ කපිතාන් අල්ලාවිට එය භාර දීමයි. . කෙසේ වෙතත්, සාප්පුවේ ආරක්‍ෂිත කැමරාවලින් වීඩියෝ දර්ශන පරීක්‍ෂා කිරීමේදී තියුණු ඇස් ඇති තරුණ පොලිස් නිලධාරියෙකු, සියදිවි නසා ගත් පුද්ගලයා, ඔහු පෙනි සිටින්නාවූ පුද්ගලයා නොවන බව දකින අතර මෙය විමර්ශන කිසිවෙකු සලකා නොබැලූ නව මාවතකට යොමු කරයි. මෙම නව ත්‍රස්තවාදයේ ප්‍රතිවිපාක බිහිසුණු ය. කෙටි කාලයක් තුළදී, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධවී තවත් අපරාධ හයක් සිදු කරන අතර ඒවා බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරය සමග සමාන ආකාරයකින් නොබලන්නේ නම් විස්තර කළ නොහැකි වේ. මෙම නව අපරාධ කල්ලිය නැවැත්වීම සඳහා මාර්සෙයිලි, එසෙන්, බෙල්ෆාස්ට්, නිව් යෝර්ක්, ලන්ඩන් සහ ලොස් බොලිච් යන නගර වල පොලිස් බලකායන්ට ජාත්‍යන්තර පොලිසිය යටතේ එක්ව වැඩ කිරීමට මඟ පාදයි.මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට හේතු කිහිපයක් ඇති බව පොලිසිය තේරුම් ගත් නමුත් අපරාධකරුවන් අනපේක්ෂිත බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වන විට හැරීමක් සිදුවේ. පැහැදිලිවම වැටලීම් වලදී ඔවුන් සියල්ලන්ම මිය ගියත් බෝම්බකරුවන්ගේ ප්‍රභවය කෙරෙහි අවධානය යොමු කිරීම ඔවුන්ගේ එකම ප්‍රයෝගික උපක්‍රමයයි. තත්වය බලාපොරොත්තු රහිත බව පෙනෙන්නට පටන් ගනී. කැප්ටන් අල්ලාවිගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පොලිස් බලකායන් විසින් කෙතරම් කඩාවැදීම් සිදු කෙරුවද බරපතල ඉදිරි ගමනක් යාමට අසමත් වූ හෙයින් ලොව හොඳම අය යැයි පුළුල් ලෙස විශ්වාස කෙරෙන චීන රජයෙන් තම අන්තර්ජාල විශේෂඥයින්ගේ සහය ලබා දෙන ලෙස ඉල්ලති. චීන ජාතිකයින්, ලැට්වියානු සහ ආර්ජන්ටිනා බලධාරීන්ගේ උදව් ඇතිව කල්ලියේ මූලස්ථානය බටහිර එංගලන්තය දක්වා සොයා ගත් අතර ඔවුන්ගේ බ්‍රිතාන්‍ය සගයන් සමග දත්ත පරීක්‍ෂා කළ විට එය බටහිර වේල්සය වෙත යොමු විය. ප්‍රහාරයේ ශෛලිය, සැලසුම් කිරීම සහ නිරවද්‍යතාවය නිසා සමහර විට හිටපු හමුදා සාමාජිකයින් බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ වී ඇති බව දැනගත් විට SAS කැඳවනු ලැබුවේ හියර්ෆෝර්ඩ් සිට ය. නිරිතදිග වේල්සයේ පෙම්බ්‍රෝක් පළාතේ ශාන්ත ඩේවිඩ්ස් හි පිටත පිහිටි පාළු ගොවිපොලක් වෙත SAS භටයින් ඉක්මනින් සිය මෙහෙයුම් පටු කරයි. කල්ලියේ නායකත්වය පලවා හැරීම සඳහා වන අවසන් සටන සඳහා මෙය පසුබිම සකසයි. 'මළ මධ්‍යස්ථානය' යනු රසවත් ත්‍රාසජනක ක්‍රියාදාම කතාවක් වන අතර එමඟින් අවසානය දක්වාම, කුමක් සිදුවේ දැයි කියා ඔබව අනුමාන කිරීමට පොළඹවයි. මෙම කතාව සිදුවන්නේ රටවල් නවයක සහ නගර දුසිම් ගණනක ය. කෙසේ වෙතත්, කියමනට අනුව, SAS කැඳවූ විට, එය බරපතල වන බව ඔබ දනියි!
više
269 tiskanih stranica
Vlasnik autorskih prava
Tektime
Objavljeno prvi puta
2021
Godina izdanja
2021
Izdavač
Tektime
Prevoditelj
Roshan Perera
Jeste li već pročitali? Kakvo je vaše mišljenje?
👍👎
fb2epub
Povucite i ispustite datoteke (ne više od 5 odjednom)